Homeසියලුම පුවත්අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් John Phelan සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව පෙන්ටගනය නිවේදනය කර තිබේ.
පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක Sean Parnell සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ සඳහන් කළේ, මෙම ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන බවයි.
ඔහුගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් Hung Cao වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
2024 වසරේදී Donald Trump විසින් නාමයෝජනා කළ ෆෙලන්, 2025 මාර්තු මාසයේදී එම ධූරයේ දිවුරුම් දී තිබුණි. ඔහුගේ ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
පසුගිය කාලය තුළ ආරක්ෂක ලේකම් Pete Hegseth විසින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ධූරවලින් ඉවත් කර තිබීමත් සමඟ මෙම ඉවත්වීමද සිදුවී ඇත.
මෙම නායකත්ව වෙනස සිදුවන්නේ ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පවතින උත්සන්න වූ යුදමය වාතාවරණයක් අතරතුරයි.
ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා කිහිපයක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ලෝක තෙල් සැපයුමටද බලපෑම් එල්ල වී ඇති අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අවධානයට ලක්ව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments