Homeසියලුම පුවත්සියලුම රාජ්‍ය සේවකයන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරියේදී – අගමැතිනිය

සියලුම රාජ්‍ය සේවකයන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරියේදී – අගමැතිනිය

සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.අද (21) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.රජයේ මූලික වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු සහ දෙවන අදියර ක්‍රියාත්මක කර ඇති අතර, තුන්වන අදියර ලබන ජනවාරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගන්නා බවත් අගමැතිනිය පැවසුවාය.ජනාධිපති අරමුදලේ සේවාවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්‍යගත කිරීම හේතුවෙන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2025 වසරේ 1,664 සිට 2026 වසර වනවිට 27,948 දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළාය. පසුගිය වසර දෙක තුළ එහි මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.අධ්‍යාපන හා සෞඛ්‍ය සුබසාධන වැඩසටහන් පිළිබඳවද අගමැතිනිය කරුණු පැහැදිලි කළාය.- විශ්වවිද්‍යාල සිසුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබේ.- ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා හම්බන්තොට මහ රෝහලේ පුද්ගලයන් 570කටත්, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පුද්ගලයන් 600කටත් පහසුකම් සලසා තිබේ.- මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා තිබේ.- සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි ප්‍රතිලාභ සහ ආවරණය වන රෝගී තත්ත්වයන් පුළුල් කර තිබේ.අධ්‍යාපනය සම්බන්ධ ඩිජිටල් කාර්යසාධක බලකායක් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ පිහිටුවා ඇති බවත්, මහජන පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පසු විපරම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ඇය පැවසුවාය.තවද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සංචාරක සංවර්ධනය, සාමය හා සංහිඳියාව තහවුරු කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අගමැතිනිය කරුණු ඉදිරිපත් කළාය.විපක්ෂයේ සාධනීය සහ ගෞරවාන්විත විවේචන රජය පිළිගන්නා නමුත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බවද අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments