Homeසියලුම පුවත්අමෙරිකා - ඉරාන උණුසුම යළි ඉහළට?

අමෙරිකා – ඉරාන උණුසුම යළි ඉහළට?

United States සහ Iran අතර යළිත් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අමෙරිකානු යුද නෞකා කිහිපයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රතිප්‍රහාර දියත් කර තිබේ.
අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ තම ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහෙත් එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු යුද නෞකා කිසිදු හානියකට ලක්ව නොමැති බවද වාර්තා වේ.
මේ අතර, කලාපයේ උණුසුම් තත්ත්වය පවතින නමුත් පවතින සටන් විරාමය තවමත් බලපැවැත්වෙන බව Donald Trump ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments