Saturday, January 24, 2026
Homeසියලුම පුවත්අයවැය කාරක සභා විවාදය අද සිට

අයවැය කාරක සභා විවාදය අද සිට

2025 අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා.

එය ලබන මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය පසුගිය 17 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට පසු දින සිට අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා.

ඊට අදාළ ඡන්ද විමසීම පෙරේදා පැවති අතර එය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46ක් පමණයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments