හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතක් භාවිතා කර රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් බවට සැකපිට කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසිනි.
සැකකාර කොස්තාපල්වරයා එම මුදල් භාවිතා කර යතුරුපැදියක් මිලදී ගැනීමත්, සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියට අදාළව ඉදිරියේදී තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන්, නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරමින් පවතී.
සැකකරුගේ බැංකු කාඩ්පතෙන් මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට

