Homeඅපරාධබියර් බෝතලයකින් පහරදී මිතුරෙකු ඝාතනය කරයි

බියර් බෝතලයකින් පහරදී මිතුරෙකු ඝාතනය කරයි

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
මූලික විමර්ශන අනුව, මිතුරන් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු බියර් බෝතලයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments