Homeසියලුම පුවත්වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

එළැඹෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කරන දන්සල් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දන්සල් සංවිධායකයින්ට තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී ලියාපදිංචිය සිදුකරගත හැකි බව සඳහන් වේ.
ආහාර සුරක්ෂිතතාව, සනීපාරක්ෂාව සහ කසළ කළමනාකරණය පිළිබඳ නියමිත මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments