Homeසියලුම පුවත්හෙට සිට වැසි තත්ත්වය වැඩිවෙයි

හෙට සිට වැසි තත්ත්වය වැඩිවෙයි

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් හෙට (06) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (05) පස්වරු 1න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකි බව සඳහන් වේ.
උතුරු, උතුරු මැද සහ හම්බන්තොට ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 30–40ක පමණ තද සුළංද ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments