Homeසියලුම පුවත්ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදෙයි

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදෙයි

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය” යන්නයි.

යුනෙස්කෝ සංවිධානය පවසන්නේ, තිරසාර අනාගතයන් සඳහා සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම, ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කිරීමේදී සාක්ෂරතාවේ කාර්යභාරය කෙරෙහි මෙවර තේමාව තුළින් අවධානය යොමු කරන බවයි.

සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින් යුනෙස්කෝ සංවිධානය සිය 14 වැනි මහා සමුළුවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 1967 වසරේදී සමරනු ලැබීය.

එතැන් සිට සෑම වසරකම සැප්තැම්බර් 8 වැනිදා මෙම දිනය සමරනු ලබන්නේ සාක්ෂරතාවේ වැදගත්කම පිළිබඳව රජයන්, අධ්‍යාපනඥයින්, සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීම සඳහාය.

ගතවූ දශක හය තුළ සාක්ෂරතාව සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ඇගයීමටත්, ලොව පුරා සාක්ෂරතාවයට තවදුරටත් බලපාන අභියෝග හඳුනාගැනීමටත් මෙවර සැමරුම අවස්ථාවක් වනු ඇත.

2024 වසරේ දත්ත අනුව, ලොව පුරා තරුණයින් සහ වැඩිහිටියන් මිලියන 739ක් තවමත් මූලික සාක්ෂරතා කුසලතාවලින් තොර බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි. එමෙන්ම ළමුන් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු අවම කියවීමේ ප්‍රවීණතාවට ළඟා වී නොමැති බවද සඳහන් වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම මෙරට වයස අවුරුදු 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් ලෙසත්, පරිගණක සාක්ෂරතාව 34.7%ක් ලෙසත් වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments