පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.
අවදානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් කඩිනමින් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන හෝ ඥාතීන්ගේ නිවාස වෙත යොමු කර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ප්‍රදේශීය ලේකම්වරුන්ටද උපදෙස් ලබාදෙන ලෙස අමාත්‍යාංශය අවධාරණය කරයි.
එමෙන්ම සුරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ජනතාවට අවශ්‍ය ආහාර, පානීය ජලය සහ අනෙකුත් මූලික පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමටද හැකියාව පවතින බව සඳහන් කර ඇත.

