Homeසියලුම පුවත්අයහපත් කාලගුණයෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නවතම වාර්තා අනුව, වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එක් මරණයක්ද වාර්තා වී තිබේ.
එසේම පුත්තලම, කොළඹ, රත්නපුර, කළුතර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ වව්නියාව දිස්ත්‍රික්කවලද පවුල් රැසක් කාලගුණික බලපෑම්වලට මුහුණ දී ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 2ක් සහ අර්ධ නිවාස හානි 836ක් වාර්තා වී ඇති අතර, වැඩිම නිවාස හානි සංඛ්‍යාවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සඳහන් වේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම හානි සහ බලපෑම් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments