Homeසියලුම පුවත්අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් සමාගම්ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමඟ මෙම සමාගම්ද සිය මිල ගණන් යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල සංශෝධනය කර නොමැති අතර, එම සමාගම මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරයි.
නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 434ක් දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 407ක් වන අතර, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 478ක් දක්වා ඉහළ ගොස් ඇත.
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 285ක් ලෙස ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments