ජාඇල, පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේදී දියේ ගිලී අතුරුදන්ව සිටි 13 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුරද සොයාගෙන තිබේ.
ඊයේ (30) පස්වරුවේ මෙම මුහුදු තීරයේදී කාන්තාවක්, ඇයගේ දියණිය සහ තවත් දරුවන් දෙදෙනෙකු රළ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව තිබුණි.
අතුරුදන් වූ පිරිස අතරින් කාන්තාවගේ සහ ගැහැණු දරුවන් දෙදෙනාගේ මළ සිරුරු අද (31) උදෑසන වන විට සොයාගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්, අවුරුදු 04 හා 12 වයස්වල ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බව වැඩිදුරටත් වාර්තා වේ.
එපාමුල්ල මුහුදු තීරයේ අතුරුදන්ව සිටි 13 හැවිරිදි දරුවාගේ සිරුරත් සොයාගැනේ

