Thursday, November 13, 2025
Homeදේශපාලනඅරගලය දියකර මන්ත්‍රීලා බාගන්න කාක්කාගෙන් ඩොලර් මලු !

අරගලය දියකර මන්ත්‍රීලා බාගන්න කාක්කාගෙන් ඩොලර් මලු !

මේ දින වල පොහොට්ටු මන්ත්‍රීවරුන් වැඩි මිලට විකිනෙන බවට පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙයට මුදල් වියදම් කිරීම බැසිල් සහ බැසිල් වටා සිටින චෞර ව්‍යාපාරිකයන් කරට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් ඊයේ දිනට දින සියයක් සපිරෙන ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන අරමුණ හිටපු ජනාධිපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම වූ අතර අරගලය තවත් පුළුල් කරමින් එහි මේ වන විට ඒකායන අරමුණ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ මුර බල්ලා ලෙස කටයුතු කල, කිසිදු ජන මතයක් නොමැති රනිල් වික්‍රමසිංහ මෙම දේශපාලන ධාරාවෙන්ම පලවාහැරීමයි.

මේ අයුරින් සාමකාමිව මෙතෙක් රැගෙන ආ අරගලය රනිල් අගමැති වූ දින සිට වෙනත් මාවතකට ගමන් කල බවක් කිව හැකිය. මෙවැනි සාමකාමී ජන අරගල ලේ වැගිරවිමකින් හෝ යටපත් කිරීමේ හැකියාව පිලිබදව රනිල් ඉතිහාසයෙන් ඔප්පු කර ඇත.

නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට දින 3ක් තිබියදී පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් යොදා තිබීමෙන් සමාජයට යම් පණිවිඩයක් දෙනු ඇත….

කෙසේ වෙතත් ඉතිහාසය නැවත නැවතත් ලියැවීමට ඉඩ නොතිබිය යුතු අතර මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවෙශයෙන්ම ජයගත යුතුය.

RELATED ARTICLES

Most Popular

Recent Comments