වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පෙර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කර ඇත.
කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.
ඒ අනුව පොලිසිය වෙත බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අර්චුනා මන්ත්‍රීවරයා පෙර ඇප මත මුදාහරින ලෙස අධිකරණය නියම කර තිබේ.

