විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ මන්ත්රීවරුන්ගේ අත්සන් සහිතව මෙම යෝජනාව අද (23) භාර දී ඇත.ඇතාගේ මරණය පිළිබඳ සත්යය අනාවරණය කර ගැනීම, අදාළ පාර්ශ්ව සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න සොයා බැලීම සහ ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම මෙම යෝජනාවේ අරමුණු අතර වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ, කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශනය කිරීම මෙන්ම දැනට ජීවත්ව සිටින ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ද පියවර ගත යුතු බවයි. මෙය දේශපාලනයෙන් තොරව සිදු කළ යුතු කටයුත්තක් බව ද ඔහු අවධාරණය කර තිබේ.එමෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පක්ෂ භේදයකින් තොරව සම සභාපතිත්වයෙන් සාර්ථකව ක්රියාත්මක වන ආකාරයට, කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ සොයා බලන කාරක සභාව ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සම සභාපතිත්වයෙන් ස්ථාපිත කරන ලෙස සජිත් ප්රේමදාස මහතා යෝජනා කර ඇත.

