වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උත්සවයක් අවසානයේ ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, 46 හැවිරිදි තිදරු පියෙකි.
ඔහුගේ සහෝදරයාට එල්ලවූ පහරදීමක් පිළිබඳව ලැබූ තොරතුරක් අනුව එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ගැටුමට මැදිව, තියුණු ආයුධ ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා තිබේ.
පසුව රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබා දී කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) දින ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින අතර, අවසන් කටයුතු හෙට (26) පොලිස් ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.
අවුරුදු උත්සව ගැටුමට මැදිවූ සහෝදරයා බේරා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයා මරුට

