Sunday, November 16, 2025
Homeදේශපාලනආණ්ඩුවේ පලුවක් විපක්ෂයට !

ආණ්ඩුවේ පලුවක් විපක්ෂයට !

අගෝස්තු මස මුල් සතියේ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එක්වනු ඇත.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සරත් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් නව සභා වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බව දැනගන්නට තිබේ.

මීට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම පක්ෂය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments