Homeසියලුම පුවත්ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ලබාදීමට මහවැලි අධිකාරියෙන් එකඟතාව

ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ලබාදීමට මහවැලි අධිකාරියෙන් එකඟතාව

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
වැදි නායක වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
2021 වසරේ ගොනු කළ පෙත්සමෙන්, ආදිවාසීන්ගේ පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීමට ගත් තීරණය අභියෝගයට ලක්කර තිබුණි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාර්ශ්වය, මෙම ක්‍රියාවට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ විනාශ වූ වනාන්තර ප්‍රදේශ යළි වගා කිරීමට නියෝග නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments