ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.මෙහිදී කාලගුණික විපර්යාසවල නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.දැනට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි පිළිබඳ පුරෝකථන දත්ත තවදුරටත් විශ්ලේෂණය කර, ඒවායින් ඇති විය හැකි සමාජීය බලපෑම් ඇතුළත් පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.එම වාර්තාව මඟින් පානීය ජලය, විදුලිබලය සහ ආහාර අවශ්‍යතා කළමනාකරණය කිරීම මෙන්ම වන සතුන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය.ඒ අනුව, දැනට සකස් කර ඇති සැලසුම් යාවත්කාලීන කරමින් තිරසර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් පසු ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

