Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට – සැපයුම ඉල්ලුම ඉක්මවා යනු ඇතැයි...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට – සැපයුම ඉල්ලුම ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබේ.ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වා පහත වැටී ඇති අතර, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.42ක් දක්වා අඩු වී ඇත.කෙසේ වෙතත්, Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙර දින ගනුදෙනු සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල ඩොලර් 94.48ක් ලෙස සටහන් වී තිබේ.බොරතෙල් මිල පහළ යාමට හේතුගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාව මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මැදපෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බොරතෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති මට්ටමට ආසන්න වීමත්, චීනයේ බොරතෙල් ඉල්ලුම පහළ යාමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් මේ සඳහා බලපා ඇත.ගෝලීය සැපයුම ඉහළ යාමේ අපේක්ෂාවක්ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී ගෝලීය බොරතෙල් සැපයුම දිනකට බැරල් මිලියන 105ක් පමණ වනු ඇති බවයි.එය අපේක්ෂිත ගෝලීය ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7ක අතිරික්තයක් බවද එම ඒජන්සිය සඳහන් කර තිබේ.එමෙන්ම ලොව දෙවැනි විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන චීනයේ පිරිපහදු කටයුතු ඔක්තෝබර් මාසයේදී පෙර මාසයට සාපේක්ෂව සියයට 2කින්ද, පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 8.1කින්ද පහළ ගොස් ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක අවදානම් සහ ඉහළ නෞකා ප්‍රවාහන ගාස්තු හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් පහළ යාම සීමා විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

RELATED ARTICLES

Most Popular

Recent Comments