දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ට බලපා ඇති අනතුරු ඇගව් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (08) මධ්‍යහ්න නිකුත් කළ වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 192ක් තවමත් අතුරුදන්ව පවතින බවයි.
පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103 ක් අයහපත් කාලගුණයෙන් බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කය මරණ 234ක් සමඟ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි.
නුවරඑළිය (89), බදුල්ල (90), කුරුණෑගල (61), කෑගල්ල (32), පුත්තලම (37), මාතලේ (28) යන දිස්ත්‍රික්කවලින්ද වෙතත් මරණ වාර්තා වී ඇත.
පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් වාර්තාවෙන් දක් වේ.
—
ආපදා මරණ 635ක් – 192ක් තවමත් අතුරුදන්

