ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආබාධ සහිත තැනැත්තන්ට ඒ සඳහා සහායකයෙකු කැටිව යෑමට අවස්ථාවදී ඇතත් ඉකුත් ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 12කින් පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්ක 11කින් කිසිදු අයැදුම්පතක් ඒ සඳහා ලැබී නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එසේ ම, ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළ ද ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 09ක එම පහසුකම් ලබා ගැනීම සඳහා කිසිදු අයැදුම්පතක් ඉදිරිපත් වී නැති බව ද එම කොමිසම සඳහන් කරයි.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ බව පවසා ඇත.
ඒ අනුව, ජනාධිපතිවරණයේදී ගම්පහ, මාතලේ, නුවරඑළිය, ගාල්ල, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 12න් ම කිසිදු අයැදුම්පතක් සහායකයෙකු කැටුව යෑම සඳහා ලැබී නොමැත.
සහායකයෙකු කැටුව යෑම සඳහා අයැදුම් කරනු ලැබ ඇත්තේ දිස්ත්‍රික්ක13ක ආබාධ සහිත පුද්ගලයන් විසිනි.
ඒ අනුව, ජනාධිපතිවරණයේදී සහායකයෙකු කැටුව යෑම සඳහා වැඩි ම ඉල්ලුම්පත් සංඛ්‍යාව වූ 92 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇත.
සහායකයෙකු කැටුව යෑම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අයැදුම්පතක් ද, සෙසු දිස්ත්‍රික්ක අතරින් කළුතර 48ක් මහනුවර 07ක් මාතර 29ක්, හම්බන්තොට 20ක්, යාපනය 07ක්, මන්නාරම 10ක්, මඩකලපුව 04ක්, ත්‍රිකුණාමලය 05ක්, පොළොන්නරුව 40ක්, කුරුණෑගල 62ක්, පුත්තලම 02ක් වශයෙන් සහායකයෙකු කැටුව යෑම සඳහා අයැදුම්පත් ලැබී ඇත.
ජනාධිපතිවරණයේදී යාපනය, කිලිනොච්චි, මන්නාරම්, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක 09න් ආබාධ සහිත තැනැත්තන් කිසිවෙක් ප්‍රවාහන පහසුකම් අයැදුම් කර නොමැත.
ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති දිස්ත්‍රික් අතරින් කොළඹ 13ක්, ගම්පහ 15ක්, කළුතර 09ක්, මහනුවර 10ක්, මාතලේ 18, නුවරඑළිය 01ක්, ගාල්ල 19ක්, මාතර 06ක්, හම්බන්තොට 07ක්, මඩකලපුව 01ක්, අම්පාර 01ක්, අනුරාධපුර 01ක්, කුරුණෑගල 28ක්, බදුල්ල 02ක්, රත්නපුර 09ක් ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලීම් සිදුකර ඇත.
මේ අතර, පැවති පාර්ලිමේන්තු ඡන්දයේදී සහායකයෙකු කැටුව යෑම සඳහා දිස්ත්‍රික්ක 11ක ම ආබාධ සහිත තැනැත්තන් කිසිවෙක් ඒ සඳහා අයැදුම් කර නොමැති බව එම කොමිසම සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මුලතිව්, වවුනියාව, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, කෑගල්ල, ආබාධ සහිත තැනැත්තන් කිසිවෙකු සහායකයෙකු කැටුව යෑම සඳහා ඉල්ලීම් කර නොමැත.
මේ සඳහා ඉල්ලුම් කර ඇති දිස්ත්‍රික්ක අතරින් සහායකයකු කැටුව යෑම සඳහා පහසුකම් ඉල්ලා ඇති වැඩි ම අයැදුම්පත් සංඛ්‍යාවක් වූ 113ක් ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් ය.
කළුතර 45ක්, මහනුවර 06ක්, මාතර 21ක්, හම්බන්තොට 15ක්, යාපනය 11ක්, කිලිනොච්චිය 02ක්, මන්නාරම 10ක්, මඩකලපුව 04ක්, ත්‍රිකුණාමලය 05ක්, පොළොන්නරුව 42ක්, කුරුණෑගල 41ක්, පුත්තලම 03ක්, රත්නපුර 01ක් ඉල්ලුම් කර ඇත.
පාර්ලිමේන්තු ඡන්දයේදී දිස්ත්‍රික් 10ක ආබාධ සහිත වූවන්ගෙන් ප්‍රවාහන පහසුකම් අයැදුම් කර නොමැත.
යාපනය, කිලිනොච්චි, මන්නාරම , මුලතිව්, වවුනියාව, අම්පාර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ඒ සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර, කොළඹ 11ක්, ගම්පහ 01ක්, කළුතර 06ක්, මහනුවර 07ක්, මාතලේ 22ක්, නුවරඑළිය 01ක්, ගාල්ල 07ක්, මාතර 02ක්, හම්බන්තොට 04ක්, මඩකලපුව 01ක්, අනුරාධපුර 02ක්, කුරුණෑගල 11ක්, පුත්තලම 15ක්, බදුල්ල 01ක්, රත්නපුර 02ක් ප්‍රවාහන පහසුකම් ඉල්ලා අයැදුම් කර ඇත.
මේ අතර, ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන ගේට්ටුව ළඟ සිට මීටර් 100කට වැඩි ඡන්දය දමන ස්ථානයට දුර ඇති තැන්වල ත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන පහසුකම් සපයා දී ඇති ස්ථාන 523ක් බව එම කොමිසම පවසයි.
පාර්ලිමේන්තු ඡන්දයේදී ත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන පහසුකම් සපයා දී ඇති ස්ථාන 725ක් වේ.
ජනාධිපතිවරණයේදී ආබාධ සහිත වූවන් සඳහා යෑමට හැකි වන පරිදි මාර්ග සකසා ඇති ස්ථාන 243ක් ද පාර්ලිමේන්තු ඡන්දයේදී 198ක ස්ථානවල මාර්ග සකසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරට ත් සඳහන් කරයි.