මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදෙස් ආයෝජන අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (29) මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආයෝජකයින් සඳහා ආයෝජන ආරක්ෂණ පනතක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඩොලර් සංචිත සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පවතින බාධා ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවද පැවසීය.
එමෙන්ම, මෙරට අපනයන තවත් රටවල් වෙත විවිධාංගීකරණය කිරීම සහ ආනයන ආදේශන කර්මාන්ත දිරිගැන්වීමද රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආයෝජන ආරක්ෂණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට

