සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී ඇති වූ ආරක්ෂක තත්ත්වය සහ අඛණ්ඩව සිදු කෙරෙන ආරක්ෂක හා මෙහෙයුම් සමාලෝචන සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.
මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛතාව ලෙස සලකන බවත්, වාණිජ ගුවන් ගමන් සඳහා පවතින තත්ත්වය සුදුසු බව තහවුරු වූ පසු සේවා යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 අංකය ඔස්සේත්, ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 අංකය ඔස්සේත් සම්බන්ධ විය හැකිය. WhatsApp පණිවිඩ යැවීම සඳහා +94 74 444 1979 අංකය භාවිත කළ හැකිය.
මගීන්ට තම සංචාරක නියෝජිතයා හරහා හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියෙන් ද අදාළ තොරතුරු ලබාගත හැකිය.

