රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අද (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකා මාරාන්තික උපවාසයක නිරතව සිටියදී කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කස්සප හිමි ඇතුළු පුද්ගලයන් හත්දෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.එම පිරිස පසුගිය නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

