මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සමක තීන්දුව එළඹෙන පෙබරවාරි 19 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.2023 වසරේදී වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉදිරියේ සිදු විය.දෙපාර්ශ්වයේම කරුණු විභාග කිරීම අවසන් වීමෙන් අනතුරුව පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දිනය නියම කර තිබේ.

