වන අලි සහ ඇතුන්ගෙන් ලබාගත් බවට සැලකෙන දළ කොටස් හා අලිකෙඳි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත බුත්තල නගරයේදී සිදුකළ වැටලීමකදී ඊයේ (09) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී දළ කොටස් 11ක්, ඇත්දළ කොටස්වලින් සකස් කළ අත්පළඳනාවක් සහ අලිකෙඳි 29ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 67 හැවිරිදි පානදුර ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

