Sunday, November 16, 2025
Homeදේශීයඇමතිකම් නොදුන්නොත් පොහොට්ටුවේ සෙට් එකක් අයවැය වර්ජනය කරන්න යයි!

ඇමතිකම් නොදුන්නොත් පොහොට්ටුවේ සෙට් එකක් අයවැය වර්ජනය කරන්න යයි!

ඉදිරි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර තම කණ්ඩායමට ඇමතිකම් නොලැබුණ හොත් අයවැයට සහාය නොදීමට පොහොට්ටුවේ ජේෂ්ඨයන් පිරිසක් සාකච්චා කරමින් සිටින බව වාර්තාවේ.

නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පසුගියදා මේ පිලිබඳ විශේෂ සාකච්චාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

මේ ගැන තව දුරටත් බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් පලක් නොවද බවද පිරිස මෙහිදී සාකච්චා කර තිබෙනවා.

මේ ගැන කෙලින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ගැටලුව විසඳා ගැනීමට පියවර ගැනීමටයි ඔවුන් මෙහිදී කතිකාකර ඇත්තේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments