Saturday, January 24, 2026
Homeදේශීයඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප...

ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සන්කරු කියා සිටින්නේ ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවය.

තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments