Sunday, November 16, 2025
Homeදේශපාලනඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ දී හූවක් - හූවට බයේ ජනපති පලා...

ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ දී හූවක් – හූවට බයේ ජනපති පලා යයි (VIDEO)

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 යි 40 ට පමණ විනාඩි 10 කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කළා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා IMF ණය ප‍්‍රගතිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකරමින් පවතින අවස්ථාවේ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේයි.

එම අවස්ථාව වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන්ගෙන සිටියා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක් එක්ව ජනාධිපතිවරයා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිචාර දැක්වීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භය තවදුරටත් උණුසුම් වුණා.

කෙසේ නමුත් අදාළ විරෝධතාවය ආරම්භ වීමත් සමඟ හූ හඬ මධ්‍යයේ ජනපති පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments