ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීමක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විදුලි ජනනය සඳහා වැයවන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වූ බවයි.
ඒ අනුව ඉදිරි කාර්තුවේ විදුලි මිල ඉහළ දැමීම සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ලබන වසරේ මුල් මාස තුන සඳහා අඛණ්ඩව විදුලිය සැපයීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

