ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබේ.
භූකම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අලුයම 3.28ට පමණ ප්‍රබල භූකම්පනය සිදුව ඇති අතර, ඉන් අනතුරුව පසුකම්පන කිහිපයක්ද වාර්තා වී තිබේ.
භූකම්පනයෙන් පසුව ඉන්දුනීසියානු ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය ඉවත් කර තිබේ.

