Homeසියලුම පුවත්ඉරානයට එරෙහි නාවික අවහිරය අමෙරිකාව ඉවත් කරයි

ඉරානයට එරෙහි නාවික අවහිරය අමෙරිකාව ඉවත් කරයි

අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය ඉවත් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගය අනුව මෙම පියවර ගෙන ඇති අතර, අමෙරිකානු නාවික යාත්‍රා කිහිපයක් තවදුරටත් එම කලාපයේ රැඳී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි සඳහන් කර ඇත්තේ ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලබාදුන් සහතික මත ගිවිසුමට අනුමැතිය ලබාදුන් බවයි.
ගිවිසුම යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම, ඉරානයට න්‍යෂ්ටික අවි නොමැති බව තහවුරු කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා සැලසුම් ඇතුළු ප්‍රධාන කරුණු රැසක් ඇතුළත් වේ.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමට අමෙරිකාවේ ඇතැම් දේශපාලනඥයන්ගේ විවේචන එල්ල වී ඇති අතර, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් තවදුරටත් පවතින බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments