Homeසියලුම පුවත්රොමෝගේ ගෝලයෙන් මෙක්සිකෝව අවසන් 32ට

රොමෝගේ ගෝලයෙන් මෙක්සිකෝව අවසන් 32ට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර අද (19) පැවති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත් විය.
තරගයේ එකම සහ ජයග්‍රාහී ගෝලය දෙවන අර්ධයේ 50වැනි මිනිත්තුවේදී ලුයිස් රොමෝ විසින් වාර්තා කළේය.
මෙම ජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමටද මෙක්සිකෝව සමත් වී තිබේ.
මේ වනවිට තරග දෙකම ජයගත් මෙක්සිකෝව ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments