ඉන්දියන් සාගරයේ මොරිෂස් සහ රියූනියන් දූපත් ආශ්රිත මුහුදු කලාපයේ සිදුවූ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.අද (24) පස්වරු 4.36ට පමණ මෙම භූචලනය සිදුව ඇති අතර, එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරකින් හටගෙන ඇති බව සඳහන් වේ.අක්ෂාංශ 17.78 දකුණ සහ දේශාංශ 65.82 නැගෙනහිර යන ස්ථානයේ මෙම භූචලනය සිදුව ඇති බව පස්වරු 5.10ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.කෙසේ වෙතත්, මෙම භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

