Wednesday, November 19, 2025
Homeදේශීයඋපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එය සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බවය.

එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇත.

පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලැබේ. 

ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments