Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්උසස් පෙළ විභාගය මසකින් කල් යයි

උසස් පෙළ විභාගය මසකින් කල් යයි

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මසකට වැඩි කාලයකින් කල් යනු ඇති බව විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.මෙම විභාගය නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණා.කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් මෙම විභාගය කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් මහජන නියෝජිතයන් ලෙස විභාගය කල් දමන්නැයි පාර්ලිමේන්තුවේ දී ද ඉල්ලීම් කළා.ඒ අනුව විභාගය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා කරමින් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments