Thursday, November 13, 2025
Homeදේශපාලනඑජාප මහ ලේකම් වෙනස් උවහොත් වෙන්න යන අවුල මෙන්න

එජාප මහ ලේකම් වෙනස් උවහොත් වෙන්න යන අවුල මෙන්න

එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේදී මහ ලේකම් තනතුර වෙනස් කිරීම පිළිබඳව ඇතිවූ කතාබහක් නිසා එම පක්ෂයේ ආසන සංවිධායකයින් අතර බෙදීමක් හටගෙන ඇතැයි වාර්තාවේ.

අලුතින් තනතුර ලබා දීමට යන රවී කරුණානායක මහතාට බස්නාහිර පළාත නියෝජනය කරන බොහෝ සංවිධායකයින්ගෙන් දැඩි විරෝධයක් ඇති නිසා එම තනතුර වෙනස් නොකරන ලෙස ඔවුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙනවා.

රවී කරුණානායක මහතා සමඟ කටයුතු කිරීමට නොහැකි බවත් ඔහුට එම තනතුර ලබාදුනහොත් දේශපාලන තීන්දුවක් ගන්නා බවද එම පිරිස අනතුරු අඟවා ඇත.

තත්වය එසේ තිබියදී පාලිත රංගේබණ්ඩාර මහතාද සිය තනතුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද දන ගන්නට ඇත.

කෙසේ වෙතත් පක්ෂ සංවත්සරයට පෙර මෙම ගැටළු විසඳාගන්නා ලෙස පක්ෂ නායකත්වය දැනුම් දී ඇති බවද දන ගන්නට ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments