Homeසියලුම පුවත්එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී කාලගුණයේ වෙනස්කම් රැසක්

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී කාලගුණයේ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ වැසි සහ උෂ්ණත්ව රටාවන්හි සැලකිය යුතු වෙනස්කම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, දැනට දුර්වල මට්ටමක පවතින එල්නිනෝ තත්ත්වය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ ප්‍රබල හෝ අති ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ සම්භාවිතාව සියයට 60කට වඩා වැඩි බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය අඩුවීමක් අපේක්ෂා කරන අතර, විශේෂයෙන් අගෝස්තු මාසයේදී උෂ්ණත්වය ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි අතර, ඇතැම් ස්ථානවල ගංවතුර තත්ත්වයන් පවා ඇතිවීමේ අවදානමක් පවතින බවටද පුරෝකථනය කර ඇත.
එමෙන්ම, නිරිතදිග මෝසම දුර්වල වීමත් සමඟ ඉදිරි කාලයේ වැසි අඩුවිය හැකි නමුත් පැසිෆික් සාගරයේ සුළි කුණාටු වැනි කාලගුණික තත්ත්වයන් මත මෙම අනාවැකි වෙනස් විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments