Monday, December 15, 2025
Homeදේශීයඔබේ වාහනයට සතියකට හිමි ඉන්ධන ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

ඔබේ වාහනයට සතියකට හිමි ඉන්ධන ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස ටයිප් කර 076 6220 000 යන දුරකථන අංකය වෙත SMS පණිවුඩයක් යොමුකිරීමෙන් එම ශේෂය දැනගැනීමේ හැකියාව පවතී.

ජනතාවට ඉදිරියට ඉන්ධන නිකුත්කිරීම සඳහා ජාතික ඉන්ධන අවසරපතක් නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගිය 16 වනදා පියවර ගත්තේය.

www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය. මේ අතර මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අවසරපත්‍ර ක්‍රමයට බැවින් පෝලිම්වල රැදීසිටීමෙන් ඵලක් නොවන බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments