Thursday, November 13, 2025
Homeවිදේශීයකච්චතිව් දූපතේ අයිතිය ගැන මෝදිගෙන් චෝදනාවක්

කච්චතිව් දූපතේ අයිතිය ගැන මෝදිගෙන් චෝදනාවක්

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ.

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිවු දූපත සාම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් විසින් අතීතයේ සිට භාවිත කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් දේශපාලන අරමුණු පදනම් කරගනිමින් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එම දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය පිළිගත් බව නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබේ.

ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබිණි.

මෙවැනි සිදුවීම් හරහා ඉන්දීය භූමිය කැබලි කිරීමට කොංග්‍රස් පක්ෂය කටයුතු කළ බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂයට චෝදනා කර ඇත.

කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් තමාට දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බව ද එහි දී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments