නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන රන් ආභරණ තොගයක් සමග 38 හැවිරිදි කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අංගොඩ, හල්ගහදෙණිය පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් වන ඇය ඊයේ (28) ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ග්‍රෑම් 916ක් බරැති වළලු සහ මාල තොගයක් සොයාගෙන තිබේ.
එම රන් ආභරණ තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂ විසි අට දහස් නවසිය තිස් හතක් පමණ වන බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

