Thursday, November 13, 2025
Homeදේශීයකමිටු සහ තේරීම් කාරක සභා ගැන විශ්වාසයක් නැහැ” කතෝලික සභාව

කමිටු සහ තේරීම් කාරක සභා ගැන විශ්වාසයක් නැහැ” කතෝලික සභාව

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාව සිදු කළ චෝදනා විමර්ශනයට ජනාධිපතිවරයා පත් කරන කමිටුවෙන් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

මේ අතර චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයිද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරටදීම දේශීය සහ විදේශීය විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කාදිනල් හිමිපානන්ගේ ද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments