Homeසියලුම පුවත්කලාපීය සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථාන නියෝජිතයින් කොළඹදී

කලාපීය සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථාන නියෝජිතයින් කොළඹදී

සමුද්‍රීය තොරතුරු හුවමාරුවේදී මතුවන පොදු අභියෝග ජයගැනීම සහ කලාපීය තොරතුරු හුවමාරු යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විදේශීය සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන නියෝජිත පිරිසක් කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ විශේෂ සංචාරයක නිරත වී තිබේ.

පසුගිය 14 සහ 15 යන දෙදින තුළ පැවති මෙම සංචාරයට මැඩගස්කරයේ කලාපීය සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයින් දෙදෙනෙකු, සීෂෙල්ස්හි කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ ජාත්‍යන්තර පොලිස් සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකු එක්ව සිටියහ.

ඊට අමතරව කොළඹ ජාතික මධ්‍යම කාර්යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ද එක්වීමත් සමඟ නියෝජිත පිරිස අටදෙනෙකුගෙන් සමන්විත විය.

සංචාරය අතරතුර සමුද්‍රීය තොරතුරු විලායනයට අදාළ ප්‍රායෝගික ක්‍රමවේද, සාර්ථක ක්‍රියාමාර්ග සහ දැනුම පාර්ශවයන් අතර හුවමාරු කර ගැනීම සිදුකර තිබේ.

එමෙන්ම කලාපීය සමුද්‍රීය තොරතුරු හුවමාරුවේදී පවතින ගැටලු හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීමේ ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු වී ඇත.

සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථාන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර පවතින සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments