Homeසියලුම පුවත්කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

කස්සප හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ නඩුව අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකුද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.ඒ අනුව කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් දමා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments