Homeසියලුම පුවත්කස්සප හිමියන් ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අධිකරණ නියෝග නොතකා අදත්

කස්සප හිමියන් ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අධිකරණ නියෝග නොතකා අදත්

අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ.අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කර තිබුණි.විරෝධතාවයේ නිරත පිරිස එම ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ඇත.මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.එහෙත් එම නියෝගය නොතකා විරෝධතාවයේ නිරත පිරිස තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වේ.මේ අතර, ඊයේ (08) රාත්‍රියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments