ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කර තිබේ.එදින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.එමෙන්ම, මෙම සිද්ධියේ සැකකාරියක වන ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

