Homeසියලුම පුවත්චාමර සම්පත් සහ පෞද්ගලික ලේකම් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

චාමර සම්පත් සහ පෞද්ගලික ලේකම් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි මහතා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.එසේම, චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සඳහන් කර ඇත.මේ අතර, අදාළ නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments