Homeසියලුම පුවත්කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – දිවයිනේ පළාත් රැසකට තද වැසි අපේක්ෂිතයි

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – දිවයිනේ පළාත් රැසකට තද වැසි අපේක්ෂිතයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයක බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියේ බලපෑමෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විටින්විට වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවද නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments